පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png

විදුහල්පති පණිවිඩය

U.H.G.D.ධර්මසේන

පිල්හත ග්‍රාමයේ මනරම් භූමියකින් අප පාසල වර්ණවත් වී ඇති අතර අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ගනිමින් තව දුරටත් පාසලේ කිර්ති නාමය ඉහලට ඔසවා තබන්නට සමත් වී ඇත. එමෙන්ම පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් බොහොමයක් අද වන විට රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

සීඝ්‍රයෙන් වෙනස්වන වර්තමාන ලෝකයට වඩාත් හොඳින් අනුගත වන්නට හැකිවන්නේ පරිපූර්ණ වූ අධ්‍යාපන ක්‍රමයක් ඇසුරිණි.එකී පරිපූර්ණ වූ අධ්‍යාපනය වෙනුවෙන් විවිධ බාධක අභියෝග හමුවේ විශාල පරිශ්‍රමයක් දරමින් අප පාසල් සිසු දරු දැරියන් ගුණාත්මක අධ්‍යාපනයෙන් විශිෂ්ඨත්වය කරා ගෙන යාමට සැම විටම අප කැපවී සිටින්නෙමු. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා අප හා අත්වැල් බැද ගත් සැමට මා හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

 

 

U.H.G.D.ධර්මසේන
විදුහල්පති
මප/තෙල්/පිල්හත මහා විද්‍යාලය.