පිල්හත මහා විද්‍යාලය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

P.G.R.කුමාරිහාමි

පිල්හත ග්‍රාමයේ පිහිටා ඇති දීප්තිමත්  පාසලක් වන අප පිල්හත මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අධ්‍යාපනයෙන් පමණක් නොව ක්‍රීඩාවෙන් ද සෞන්දර්ය අංශයෙන් ද කලාප, පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ දිනා ගනිමින්  විද්‍යාලයට මහත් කීර්තියක් අත් කරදීමට සමත් වී ඇත. අප පාසලෙන් අධ්‍යාපනය ලත් බොහෝ දරු දැරියන් අද වන විට විවිධ  ක්ෂේත්‍රවල රැකියාවේ නිරත වෙමින්  සමාජ මෙහෙවරට උර දෙමින් සිටිති.

පාසල් අධ්‍යාපනය තුලින් නැණ ගුණ වඩවන නිපුණතාවයෙන් හා මනා පෞරශත්වයකින් යුත් දූ දරුවන් සමාජයට දායාද කිරීම පිල්හත මහා විද්‍යාලයේ අපගේ අරමුණ වන අතර මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා අප හා අත්වැල් බැද ගැනීමට ඔබ සැමට ආරාධනා කර සිටින අතර දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

 

P.G.R.කුමාරිහාමි
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/පිල්හත මහා විද්‍යාලය .