සිරිබර සදහම් රුවන් බිමක සැරසී

මහවැලි නදී ජලෙන් කෙත්වතු සරුවී

මියුගුණ මහ සෑ හිමි කිරණින් සුපීපි

වැජඹේ පිල්හත මහ විදුහල් මෑණි ........//

වැජඹේ පිල්හත මහ විදුහල් මෑණි

 

සාහිත විදු නැණ

ගණිත ප්‍රබෝධිත

ලලිත කලා රස අමා සුවය දෙන ........//

ක්‍රීඩා පිටියේ ජය කෙළි නංවන

අප විදුහල් මෑණි

පිල්හත විදු මෑණි

අප විදුහල් මෑණි

 

සමගි සිතින් එක්වෙලා නොහැර සිට

දියත ජයෙන් ජය නැණස ලබාදෙන ........//

සොදුරු අසිරි සිරි සිනා පිරී

අප විදුහල් මෑණි

පිල්හත විදු මෑණි

අප විදුහල් මෑණි

නමදිමු විදුහල් මෑණි