පිල්හත මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2024 (2025) තෙවන වාර විභාගය ඉදිරි සතියේ දී ඇරඹේ.

slide 1.png
slide 1.png

උඩදුම්බර  කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

පිල්හත මහා විද්‍යාලය මෙම ප්‍රදේශයේ ආරම්භක අවධියේ පාසලකි. මෙම පාසල සමග මීගොල්ල,සංගබෝධි යන පාසල් ද ආරම්භ විය. 1962 වර්ෂයේ මෙම පාසල ආරම්භ විය. පළමුව එක දෙක වසර පමණක් පාසලට බඳවාගෙන තිබූ අතර පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ මිනිසුන්ගේ ධන පරිත්‍යාගයෙන් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි.  එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1972 . 11 . 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත. පසුව පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ  මහා විද්‍යාල අතරට අප පාසලද එක්වීම සුවිශේෂත්වයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 26 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 2 කින් සමන්විතය. 746 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණාත්මක අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයට" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

 

ආරම්භ කළ වර්ෂය

1962

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

8