පිල්හත ග්‍රාමයේ සිසු දරු දැරියන්ගේ මූලික අවශ්‍යතාවයක් වන අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් වර්ෂ 1962.10.22 වන දින පිරිමි ළමුන් 16ක් හා ගැහැණූු ළමුන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිසුන් 26 දෙනෙකුගෙන් යුත් රජයේ පාසලක් ලෙස එම්.ඩබ්.ජයසේන විදුහල්පතිතුමා විසින් මෙම පාසල ආරම්භ කරන ලදි. මුලින්ම 7 ශ්‍රේණියේ පමණක් ඉගෙනුම් කටයුතු ආරම්භවු අතර ගුරුවරු දෙදෙනෙකු විසින් ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදි. එලෙස ආරම්භවු මෙම පාසල අද වන විට යු.එච්.ජී.ඩි.ධර්මසේන විදුහල්පතිතුමාගේ මුලිකත්වය යටතේ සිසුන් 780ක් පමණ අධ්‍යයන කටයුතුවල යෙදෙන අතර ගුරුවරුන් 35 දෙනෙකු පමණ සේවය කරනු ලබයි.





